Monday, March 26, 2012

බෙල්ට් එකයි ජොකයි විතරක් මගේ…

 

සරසවිය විටෙක මට හුදී ජන සමාජයේ නියැදියක් ලෙස දැනුණු වාර ගණන අනන්තය. කෙසේ හෝ එය ඉතා නිවැරදි සාම්පලයක් බව විටෙක මට හැඟී යයි.
presentation
සරසවියක් වනාහි Slide ටිකක් පාඩම් කර සමාසිකයේ විභාගයට මුහුණ දීමෙන් ඔබ්බටත් තව යමක් ඔබට ඉගෙන ගත හැකි ලංකාවේ එකම තැන රාජ්‍ය විශ්ව විද්‍යාලය.

පෞද්ගලික සරසවි හා රාජ්‍ය විශ්ව විද්‍යාල වල ඇති කැපී පෙනනම වෙනස එයය !!!

සාමාන්‍යෙයන් සරසවියට ඇතුල් වන මුල් කාලයේම එක් එක් සරසවියට ආවේනික වදන් මාලාවක් නවක සිසු සිසුවියන්ට සැපයේ…(දැන් නම් එසේ සිදුවනවා දැයි සැක සහිතය.. )

පහතින් දැක්වෙන්නේ එයින් සමහරකි.

කුප්පිය – අන් අයට විෂය කරුණු කියා දීම
කොක්ක- පෙම්වතිය( නිල වශයෙන් එසේ වූවාට කොක්කේ ද වර්ග ඇත. නෝට් කොක්ක ,බත් කොක්ක ආදී වශයෙන්)

යකා- කැත කෙල්ල(මෙහිද වර්ග ඇත. අම්බ යකා තවත් යක් වර්ගයකි)

ගජේ ගහනවා- අනෙක් අයගේ බඩු බාහිරාදිය හවුලේ භාවිතා කිරීම( එය එසේ වූවාට යට ඇඳුම(ජොකා) හා තමන්ගේ කොක්ක පමණක් මෙයට අදාල වන්නේ නැත !!! )

 

වදන් මාලාව මෙතනින් නවත්වන්නේ එය පමණක් වෙනම සටහන් කල හැකි දෙයක් නිසාවෙනි.

සරසවියේදී විෂයානුබද්ධ ඉදිරිපත්කිරීම්(Presentations) කිරීම සුලභවම සිදුවන්නකි. බොහෝ උදවිය මේ සදහා සුදානම් වූව ද ,ඇදුම ට සූදානම් වන්නේ අන්තිමේටය. සමහරු ආචාර්යවරු වැඩිපුර ඇඳුම ගැන නොසිතුවාට සමහරුන් නම් එසේ නොවේ කොණ්ඩය පවා පරික්ෂා කරයි.

එවන් අවස්ථා වලදී කට්ටියගේම ඉහමොල රත්වේ. කෙසේ හෝ නේවාසිකාගාර වල රවුමක් ගසා ඇදුම් ආයිත්තම් වලින් සැරසෙන අය අන්තමේ පවසන්නේ …..

මචං ,

“බෙල්ට් එකයි ජොකයි විතරක් මගේ “           කියාය…

(ඡායාරූපය - gcsehistory.wikispaces.com)

6 comments:

රාජිත අනුරාධ***රජී-සන්නස.... said...

සරසවියෙන් නික්ම යැමට තව මාස දෙකයි තියෙන්නේ...ආයෙත් කවදා මේ වචන වලින් කතා කරන්නද??

බ්ලොග් එක නියමයි අයියේ...

දූපත් වැසියා said...

සරසවියක් වනාහි Slide ටිකක් පාඩම් කර සමාසිකයේ විභාගයට මුහුණ දීමෙන් ඔබ්බටත් තව යමක් ඔබට ඉගෙන ගත හැකි ලංකාවේ එකම තැන රාජ්‍ය විශ්ව විද්‍යාලය.
පෞද්ගලික සරසවි හා රාජ්‍ය විශ්ව විද්‍යාල වල ඇති කැපී පෙනනම වෙනස එයය // හරියට හරි...
ඔය කතාව සුලබයි, යථාර්ථයත් එයයි. පුද්ගලික වී වී වල ඔහොම සුලබ බෙදා ගැනීමක් තියෙන එකක් නෑ

සුදු කලු සහ අළු said...

@රාජිත - ස්තූතියි මල්ලී..

සුදු කලු සහ අළු said...

@දූපත් වැසියා - ඔව් මම හිතන්නෙත් නෑ එහෙම වේවි කියල ඉස්සරහට වත්.

පිණිබිඳු... said...

කුප්පියෙන් ගොඩ ගියෙ නැති එකම විභාගයක්වත් තියෙනවද මන්දා.

Anonymous said...

apith goda giye kuppi walin thama aney kuppi karapu unta pin lebenna one

-nadee-

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
 

සුදු,කලු සහ අළු © 2010.