Saturday, February 12, 2011

නුඹ...


හරිම අපූරුයි...
නුඹ

හිටි හැටියේම
මගේ ගතත් මනසත් අවනත
කරගත් හැටි...

මෙතුවක් කල් මගේ (නො)සන්සුන් මනස
නොසන්සුන් කල හැටි....


කිසිදා ඉවත නොකල හැකි සේ
නුඹ මගේ මනසේ රික්තයක්
නිමවූ හැටි.....

මගේ තනිකම ට තවත්
තනිකමක් එක් කල හැටි...

වෙනස් ම වූ ලිපි ලියන
වෙනස් ම වූ චින්තනයක් ඇති
මිනිසෙක් නිමවූ හැටි...

මගේ සුපිරිසිදු අවධානය වෙනස් කල,
ප්‍රේමය නූඹ අපූරුය..

5 comments:

ක්‍රිශාන් said...

ඔය කවිය මටත් හුගක් ගැලපෙනවා .. ලස්සනයි

පිණිබිඳු... said...

ඒකනෙ කියන්නෙ. ආදරේට මොනාද කරන්න බැරි

සුදු කලු සහ අළු said...

@ක්‍රිෂාන්-ස්තූතියි.

සුදු කලු සහ අළු said...

@පිණිබිඳු-ඔව් ඒකට කරන්න බැරි දෙයක් නෑ.First Class GPA එකක් Second Upper වෙනකනම් අඩු කරන්නත් ඒකට පුලුවන්...

පිණිබිඳු... said...

හී හී එතනින් ගිහින් අන්තිමට batch miss කරන්නත් පුලුවන්

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
 

සුදු,කලු සහ අළු © 2010.