Sunday, January 23, 2011

රත්තරන් පොරොව!!!

Stock-market-investing මා කොළඹ කොටස් වෙලඳපොල සමග සම්බන්ධ වූයේ මීට වසර එකහමාරකට පෙරාතුවය.ඒ සඳහා යොමු වීමට මට කාලයක සිටම අවශ්‍යතාවයක් තිබූණි.
පළමුවෙන්ම මා කලේ මෙහි ගණුදෙනු සිදුවන ආකාරය සොයාබැලීමය.මේ කාලයේ මට තැරැව්කාර සමාගමක නිලධාරියෙක් හමුවිය.සුපුරුදු ලේඛන ගොන්න පුරවා මා ද ගිණුමක් විවෘත කර ගතිමි.
දැන් ඇත්තේ මිලදී ගැනීමේ වාරයයි.
“මල්ලී ඔයා ගන්න Share එකේ ගාන දාලා මේක පුරවල දෙන්න“
ඔහු මට පෝරමයක් දිගු කලේය.මා ද එය පුරවා දැමීමි.කෙසේ වූව ද මට මෙතරම් නවීන කාලයේත් අතිශයින්ම ගතික ස්වභාවයක් උසුලන වෙලදාමකට මෙය සුදුසු ක්‍රමය දැයි මට එකල සිතෙන්නට විය.සති කිහිපයකට පසුව මට පාසල් මිතුරෙක් හමුවිය.,ඔහු සමඟ ආගිය තොරතුරු කතා කරන විට ඔහු මේ සම්බන්ධව කලක සිට සම්බන්ධ වී සිටින බව මට පසක් වී ගියේය.
“මචං මාත් බැලුව බං සෙට් වෙන්න මාත් අකවුන්ට් එකක් හැදුවා “
“කොලයක් නං පුරවලා දුන්නා තාම එකක් වත් ගන්න නං බැරිඋනා“ මා කීවෙමි.
“යකෝ ඒ ඉස්සර බං කොල පුරවල Shares ගත්තේ“
“ ඒ දවස් වල තමයි බං 2.50 ගානේ 5000 යි කියල එහෙම කෑගහල Shares ඉල්ලන්නේ“
“දැං ඔක්කොම Online වෙන්නේ උඹ වරෙං මාත් එක්ක මගේ Advisor ටම join කරන්නම් උඹවත්“
කියූ ලෙසම මා ඔහුත් සමඟ තවත් ගිණුමක් සෑදීමට ගියෙමි.ඔහු මා වෙනුවෙන්ම එයට පැමිණ සිටීම ගැන අදටද  මා ඔහුට කෘතඥ වෙමි.
දවසින් දවස මෙහි විශ්ලේශනයන් සිදුකලෙමි.අද වනවිට සාර්ථක ලෙස මට යම් යම් සමාගම් කොටස් පිළිබඳ පුරෝකථනය කිරීමට හැකිවිය.
එහි අතුරුඵලයක් ලෙස බොහෝ දෙනෙක් මගෙන් උපදෙස් විමසන්නට විය.මා ඔවුන්ට උපදෙස් දෙන්නෙමි,පුරෝකථනයන් කරන්නෙමි. නමුත් මා ඔවන්ට අවසානයේ දෙන පොදු උපදෙස් කිහිපයක් වෙයි.
“මතක තියා ගන්න Share Market එක කියන්නේ සූදු පොලක් නෙවෙයි“
“ඔබ බලාපොරොත්තු වෙන ලාභය ලැබුණා නම් එය විකුණා දමන්න“
“ඕනෑ වට වඩා ලාභ ලබන්න හිතන්න එපා,බොහෝවිට ඔබ දරපලන්නා ගේ පොරොව නැති වූ පසු ‘රත්තරන් පොරව‘ ක් ලැබුණු කතාවේ අනිත් දරපලන්නාගේ ඉරණමට ගොදුරුවේවි!“

6 comments:

Uditha Umesh said...

උඹට අද සිට මම ඇණයක් වෙමි.. :P

බිඟූ...! said...

මරු

guidetocse.com said...

කතාව හරියටම හරි. :)
කොටස් වෙළඳපළේ, යම් අවදානමක් තිබෙනවා, ඒ අවදානම ගන්නෙ නැතිව, දිනන්න බෑ. නමුත් ඕනෙවට වඩා ලාභ ගන්න හිතුවොත් ඉතින් විනාශයට දුර නෑ. :)

Madhawa Habarakada said...

හොඳයි හොඳයි, ආරාධනා කරනවා CSE Talk Forum එකට.

http://forum.guidetocse.com

Sampath Amarakoon said...

I like it :)

Cual-Dor-රශෝද් said...

කොටස් වෙලදපොල කියන්නෙ ටිකක් දැනුම හොයාගෙන යන්න ඔන තැනක්.අනික මිනිස්සු හිතන්නෙ එකෙ කොටස් ටිකක් ගත්ත ගමන් හිටු කියල හම්බ කරන්න පුලුවන් කියලා.ව්‍යාපරික දැනුමයි සහජ බුද්දියයි අනිවා ඔනෙ මන් හිතන විදියට.

එ ගමන්ම මගෙ බ්ලොග් අඩවියටත් පොඩි හොටක් දාන්න අරාධනා කලනවා
www.pinthura.info

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
 

සුදු,කලු සහ අළු © 2010.