Tuesday, January 18, 2011

දැන් මේ ෆෝන් එක ඕෆ් වෙලාද?

මා පසුගිය දිනෙක නගරයට ගියේ දුරකථන බිලක් ගෙවීම සඳහාය.ලංකාවේ ඇති සුප්‍රසිද්ධ දුරකථන සමාගමක ශාඛාවක් වූ එහි මා යනවිට එතරම් කාර්‍යබහුලත්වයක් පෙනෙන්ට නොතිබිණ.

images (8) එහි සිටි නිලධාරින් සියල්ල ගේ මුවඟ රැදි මද සිනාව සුපුරුදු “ව්‍යාපාරික“ සිනාව නොවන බව මට පසක් වූයේ එහි ගොස් විනාඩි දෙක තුනකට පසුවය.

වයෝවෘද්ධ මහතෙකු දුරබනුවක් අතතැතිව එහි සිටියේය.එය නවීන පන්නයේ එකක් නොවූ අතර ඔහු එයින් ඇමතුමක් ගන්නට තතනයි.

“හෙලෝ … හෙලෝ….“

“සර් කොලපාට බට්න් එක ඔබන්න“ අයෙක් පැවසුවේය.

කෙසේ හෝ ඔහු ඇමතුම ගත්තේය.

“ඉස්සර මං උගන්නන දවස් වල නයින්ටි පර්සන්ට් පාස් රේට් එකක් තිබ්බා ඕලෙවල් ලමයින්ගේ..“
“ඒ දවස් වල දැන් වගේ ටියුෂන් තිබ්බෙත් නෑ“

ඔහු විශ්‍රාමික ගුරුමහතෙකි.ඒ වදන් ඒ බැව් සනාථ කලේය.

“දැන් මේ ෆෝන් එක ඕෆ් වෙලාද?“

“ඔව්“

“එතකොට මේ වෙලාවක් පේන්නේ?“
“ඒකට බැටරිය බහිනව නේ“

“ඔව් ඒ උනාට චාජ් කරන්න පුලුවන්නේ“ එහි සිටි අයෙක් පැවසීය.

“හා මං එහෙනං යන්නා පුතා“ ඔහු සමුදුන්නේය.

මා මේ පිලිබඳ මෙහි සටහන් තබන්නේ මෙය කථාබහට ලක් කල යුතු කථාවක් යැයි මා සිතන නිසාවෙනි.මහ ලොකුවට අංකිත බෙදීමක් (Digital Divide) ගැන කථාකරන උදවිය මේ ගැන නොදන්නවා විය නොහැකිය.

බොහෝ වැඩිහිටියන්ට ජංගම දුරබනුවක් නිවැරදිව හැසුරුවීමට දැනුමක් නොමැති බව  කුප්‍රකට කරුණකි.ඔවුන් මේ සඳහා අනුගත වන්නේ ඉතාමත්ම අවිධිමත් ලෙස මගේ හැඟීමය.ඔවුනට ‘අයි ෆෝන් ‘ අවශ්‍ය නැත.‘ඇන්ඩ්‍රොයිඩ් ‘ අවශ්‍ය ද නැත.අවශ්‍ය වන්නේ නිවැරදිව සාමාන්‍ය දුරබනුවක් ක්‍රියාකිරීමට පමණි.

සංවාදයට විවෘතයි……..

6 comments:

hamparawa said...

ඒක ඇත්ත....

terabite1 said...

මමත් එකඟයි

කාංචන දිනූක said...

දැනට තිබෙන මිල අඩුම දුරකතන පවා ඔවුනට සංකීරණ වැඩිය. සත්‍යයය එයයි. අපි නොසිතන දෙය තව අවුරුදු 20කින් අපිත් අනාගත දරුවන් ඉදිරියේ ඔවැනි කරුණුවලදී විසුළුවට ලක්විය හැකිය යන්නය.

Il mondo di una povera pazza said...

බොහෝ වෙලාවට මම මුහුන දෙන දෙයක් තමයි අනේ මට මේ ෆෝන් එකට උත්තර දෙන්න තේරෙන්නේ නෑ එස් එම් එස් කියව ගන්නත් දන්නේ නෑ. උඹට පුළුවන්ද කරුනාකරලා මට ගෙදරට කතා කරන්න කියලා කියලා ඉල්ලීම් කරන බොහෝ අය ඉන්නවා. මාත් ඉතින් ඇයි මොකක්ද ප්‍රශ්නේ කියලා ඇහුවම මේ අයි ෆෝන් එකක් ගත්තා ඒ උනාට මට තේරෙන්නේ නෑ ඒක පාවිච්චි කරන්න කියන එක.
මම දන්න මිනිසුන් අතර සියයට පනහකට එහා තියෙන්නේ අයි ෆෝන්. මේ ගොඩක් අය සමාජයේ වැදගත් රැකියා කරපු කරන අය. මට නම් ඒ වෙලාවට ඔළුවට ගහන්න හිතෙන්නේ ඒ අහිංසක මිනිසුන්ගේ නෙමෙයි ඒ මිනිසුන්ට මේ වගේ භාවිතය පිළිබඳ දැනීමක් නැති භාන්ඩ විකුනන අයට.

StArry aNgeL said...

කතාව නම් සත්‍යයකි. නමුත් මෙය සංවාදයට තරම් කරුනකැයි නොහැඟේ...

Indika Perera said...

අ‍පේ තාත්තට උගන්නල පන ගියා
දැන් එයාට ‍හොදට පුලුවන්. මුලදී ඔය ව‍‍ගේ තමයි.
‍ඒත් ‍‍මට හි‍‍තෙන ‍‍දෙයක් තමයි, දුරබනු ‍‍කෙසේ ‍‍‍‍වෙතත් අත්දැකීම් අතින් බලන‍කොට ඒ ‍‍ගොල්‍ලන්ට අපි ගැන හි‍‍තෙනව ඇත්‍‍තෙත් එ‍හෙම වෙන්න ඇති.

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
 

සුදු,කලු සහ අළු © 2010.