Sunday, January 16, 2011

මොන්ටිසෝරිය

 

 

images (7)මගේ මව මොන්ටිසෝරියට මාව ඇතුලත් කරන විට මගේ වයස අවුරුදු තුනකි.රතු තිත් සහිත සුදු ෂර්ටයක්ද රතු කලිසමක්ද එහි නිළ ඇඳුම විය.

එය කන්‍යාරාමයකි එනිසාම එහි ඉංගිරිසි ආරකට කටයුතු සිදුවිය.එනිසාම මට කුඩා කල සිටම ඉංගිරිසි බසෙහි හුරුවක් ද තිබුණි.මග තොටේ දකින හැම බෝඩ් ලෑල්ලක්ම මා කියැවීමි.එනිසාම මට කියවීම සැලකිය යුතු මට්ටමකින් වැඩි දියුණු කරගැනීමට ද හැකිවිය.

කන්‍යාරාමයේ වැඩකටයුතු පිළිවෙලකට සිද්ධ විය.වැඩිමහලු අක්කලා අයියලා එහි ගොස් පියානෝ වාදනය උගෙන ගත් හැටිත් මට මතකය.මා මොන්ටිසෝරියේ ඉගෙන ගත් පාඩමක් නොමැත ඒ වෙනුවට මා එහි සිටියවුන් සමඟ ඇති පදමට නැටුවෙමි.උදේපාන්දරම මොන්ටිසෝරියට පැමිණියහොත් මෙරිගෝ රවුමේ ආසනයක් වෙන් කොට ගත හැකිය.

එකලද නරුම කොල්ලන් මට මුණ ගැසුණි.සමහරු ලඟ ආයුධ ද තිබිණ.ඒ දිනවල දරුණුතම ආයුධය ගෙදර මැසින් ලාච්චුවෙන් අම්මාට හොරෙන් උස්සාපු ඉදිකට්ටය.කවුරුන් හෝ අයෙක් ඉඳිකට්ටක් ගෙන උදෙන්ම අනෙක් අයට පෙන්වූ විට ඔහු දවසේ වීරයා ය.කවුරුවත් ඔහු සමඟ ඔට්ටු වීමට යන්නේ නැත.

මා අවුරුදු තුනක් හෝ දෙකක් මොන්ටිසෝරියේ සිටින්නට ඇත.එක වසරට පැමිණිපසු වැඩිමහලු අයියා කෙනෙක්(වැඩිමහලු යැයි කීවාට ඔහු දෙකවසරේය) මා සමඟ පැවසූයේ මා මොන්ටිසෝරියේ දී “පේල් “ වූ නිසා අවුරුද්දක් පහලින් සිටින බවය.එකල මට මෙය නොතේරුණු බැවින් මා ඔළුව හොල්ලා එය අසා සිටියෙමි.

මොන්ටිසෝරියේදී ජීවිතය සරළය.වෙලාවට කෑම ටික අතට ලැබෙයි.කිසිදු වගකීමක් නොමැත,ආදරය කරන්නට ඕනෑ තරම් මිනිසුන් ද සිටිති,විභාගද නොමැත,ඒ නිසාම ගිරවුන් සේ පාඩම් ආයාසයෙන් පාඩම් කිරීමටද අවැසි  නැත.කොටින්ම කියතොත් අතිශයින්ම නිදහස් වූ කාලයකි එය. මෙවන් වූ කාලයක් නැවත ජීවිතයේ උදාවන බව මගේ හැඟීමය ඒ මහලු කාලයය.වෙනසකට ඇත්තේ තරුණ කාලයේදී කරන ලද දේ අනුව පසුතැවිල්ල ක් හෝ සතුටක් පොලී වශයෙන් මතකයට එකතුවීමය෴

2 comments:

indi said...

මහලු සිතුවිලි අත්දකින්න මහල්ලෙක් වෙන්නම ඕනි නෑ...ඒ වාගෙ උනාම ඇති...

පිණිබිඳු... said...

මොන්ටිසෝරියෙදි මම මතක ඇති වැඩකට කරේ අඬපු එක විතරමයි. හැමදාම අම්ම දාල යද්දි අඬනවා. අන්තිමට මේකිගෙන් බේරෙන්න බෑ කියල අම්ම මාව ගෙදර නවත්ත ගත්තා.

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
 

සුදු,කලු සහ අළු © 2010.