Thursday, January 13, 2011

මටත් හදවතක් ඇත!!!(අවසන් කොටස)

මේ ඇගෙන් එක දිගට ප්‍රතිචාරයක් නොලැබුනු තෙවන අවස්ථාවය.මෙයින් සිදු වූයේ මගේ මනස තව දුරටත් නිරුත්තර කිරීමට තරම් හදවත කරුණු එක් රැස් කරගැනීමය.සරසවියේ සමීපතම මිතුරෙක් මේ විපරියාසය ගැන හොදන් ඇස ගසාගෙන සිටි නිසා මා මේ පිළිබඳ ඔහු සමඟ මේ පිළිබඳ කටයුතු සාකච්ඡා කලෙමි.ඔහු ඉතාමත් පරිණත ලෙස මෙහිදී කටයුතු කල බව මා කෘතඥ පූර්වකව සිහිපත් කරමි.

images (5) “මචං මං උඹ ගැන හොඳට දන්නවා ,මං කැමති නෑ උඹ වගේ එකෙක් ඕකෙන් නාස්ති වෙනව දකින්න මං මේ උඹ නාස්ති වෙනව කියනව නෙවේ.ඒත් මචං උඹ වගේ එකෙක් නැති උනොත් ඒක ලෝකෙටම පාඩුවක් වේවි.“

මෙහි අඩක් සත්‍ය වූව ද අනිත් කොටස ගැන මා නොදනිමි.ඒ ඔහු මා ගැන තබා සිටි ආකල්පයය.

“බලපන් ඕක කරන්න කොච්චර අමාරුද කියල .අම්බානෙක රිසෝසස් අදිනව බං මොලේ“

ඔහු නැවතත් මා සමග කියාගෙන යයි.ඔහුගේ කියමන සපථ කරමින් ඒ කාරණය නම් පසුකලෙක මට මැනවින් දැනෙන්ට විය.

සාමන්‍යෙයන් මා ඇයට කෙටි පණිවුඩ තබන ශෛලියක් වෙයි.ඒවා හොදින් අවබෝධ කරගැනීමට සමත් වූ බැවින් මා එය සම්මතය කොට ගතිමි.(කුඩා කල සිටන්ම රහස් පණිවුඩ ක්‍රම නිමැවීමේ නිසඟ හැකියාවක් මා සතුවූ බැවින් ඒවා සැකසීම මා හට වඩ වඩාත් පහසු වීය)

එදින ද මා ඈට මෙලෙස පණිවුඩයක් යැවීමි.එදින හවස ඈ මට දුරබැනුවාය.

“මං හදිසියේම ගෙදර ගියා“
“ආ ඇත්තද?“

ඇගේ හඬ ඇසීමෙන් මගේ කෝපය සැනෙකින් නැතිවී ගියේය.මෙය ගැහැණුන් සතුව ඇති සුවිශේෂී හැකියාවක් බව මගේ හැඟීමය.දැන් සුපුරුදු පරිදි කිසිවක් නොසිදුවූ සේ අප දොඩමලු වෙයි.මගේ පියා මේ සම්බන්ධව මාත් සමඟ විටෙක සාකච්ඡා කොට තිබූ කාරණයක් මට සිහිපත් විය.

“පුතා ගැහැණියක් ආශ්‍රය කරල බලපන් “
“ඒක ජීවිතයට පැට්‍රෝල් වගේ දෙයක් !“

පියා එකල එසේ පැවසුවද එය මට අත්දැකීමෙන් ම ඔප්පු වේ යැයි මා කිසිදාක නොසිතුවෙමි.ඈ නිසා මට වෙනත් දුරකථන සම්බන්ධයක් සොයා ගැනීමට සිදුවිය.සරසවියේ දී වේලාසනින් ඇහැරීමට සිදු විය.ඒ එක් කරුණක් වත් මා පීඩාවට පත් නොකිරීම එහි ඇති පුදුමාකාර ස්වාභාවයයි.මෙය සොබාදහමේ වෙනස් නොකල හැකි තවත් න්‍යායක් බව මා තරයේම විශ්වාස කරන්නෙමි.ඈ මෙවන් න්‍යායක් මිනිස් මනස තුල වෙනස් කිරීමට ඉතා අපහසු ලෙස ස්ථාපිත නොකලේ නම් මිනිස් වර්ගයාගේ පැවැත්ම අතිශයින් ගැටළුසහගත වන බව  මගේ හැඟීමය.

පිරිමියෙක් ගැහැණියකගෙන් තමන්ගේ පෙම්වතිය වන්නේදැයි ඇසීම සාමාන්‍ය සාම්ප්‍රදයය.එය එසේම විය යුතු බව මගේ හැඟීමය.ඈ විටින් විට මගෙන් මඟ හැරී යාම තුලින් මෙය ස්ථීර වශයෙන්ම ඇගෙන් විමසිය යුතු බව මට සිතුනි.දිනක් හිතවත් අක්කා කෙනෙක් ,

“ ආ කොහොමද මල්ලි කෙල්ලගේ තත්වේ“
“ ආ අක්කා තාම මං එයාගෙන් අහල නෑ “

“ඉක්මනට අහනව නැත්තම් වෙන එක්කෙනෙක් අහයි“ ඈ මට උපදෙස් දුන්නාය

“ආ ඒකට කමක් නෑ එයාට හොඳක් වෙනවනම්“

මා දුන් පිළිතුරට ඈ නිරුත්තර වී සුසුමක් හෙලූ හැටි අදටද මට මැවී පෙනේ.

මා සැලසුම් කොට තිබුණේ  වාර්ෂික ව පාසලේ සංවිධානය වන සිසුන්ගේ හමුවේදී මේ පිළිබඳ විමසීමටය.නමුත් ඈ විටින් විට මා හා සම්බන්ධ නොවීම නිසා මේ කාරණය තවත් ඉක්මන් විය.ඈ මා හා කතා නොකල දින දෙකක් වූව ද මට සතියක් තරමට දැනෙන්ට විය.

“මචං මේක ඉක්මන් වෙනව බං,ගෙට් එක වෙනකම් ඉන්න බැරි වෙයි වගේ “
“උඹෙත් කැටයම් නේ අනිත් එක ඔච්චර දැනෙන එකේ ඕක අහල ඉවර කරපන් අනික දැන් උඹ හොදටම දන්නවනේ මේක හරි කියල“

ඒ සදහා මගේ මනස සැලසුම් කරන්නට විය.ඈටත් මටත් මුළු ජීවිත කාලයටම මතක හිටින සංසිද්ධිය ක් නිර්මාණය කිරීමේ වගකීම මගේ මනස විසින් බාරගෙන තිබුණි.ඈ මවිත කිරීමට මට හැකි සියලු දේ දින කිහිපයකින් මා සැලසුම් කලෙමි.(මා ඒ පිළිබඳ මෙහි ලිවීමට අදහස් නොකරන්නේ කිසිවෙකුට මෙය කියවා පසුතැවිල්ලක් ඇතිවේ යැයි සිතෙන නිසාය,ඒ නිසාම මෙය කාලයේ වැලිතලාවෙන් වැසී ගියාවේ…).ඈ එයට සූදානම් කිරිමේ අටියෙන් මා ඈ සමඟ වත්පොත් සංවාදයක නියැලුනෙමි.මේ අදාල දේ ක්‍රියාවට නැංවීමට සැලසුම් කල දිනට පෙර දිනයය.

මේ කතාබහ වෙනදාට වඩා ගැඹුරු විය.මා කිරීමට යන දේ සහ මා පිළිබඳ නැවතත ඈට කරුණු කීවෙමි.හදිසියේම ඇගේ වත්පොත් ගිණුම ඈ අවලංගු කලාය.මා සිතුවේ මෙය සිදුවූයේ මා නිසා සිදුවූවක් බවය .මෙය මට දරාගත නොහැකි තරම් වේදනාවක් ගෙන දීමට සමත්විය.කොතරම් ගැටළු තිබුණද මට නිදියහනේදී ඒ සියළු දේ අමතක කොට සුවසේ නිදාගැනීමට හැකිවූව ද මේ කාරණයේදී මා අසරණ විය.

මට දොලහේ කණිසම ද අළුයම එකේ තුනේ හතරේ පහේ සහ හයේ කණිසමද ඇසීමට තරම් මා අඩ නින්දේය.ඒ මා මට මතක ඇති කාලයක නිදිවැරූ කාලයයි.අළුයම ද මට මගේ මිතුරා කතා කොට මා සනසන්නට උත්සහ දැරීය.

“පොඩ්ඩක් ඉදපන් මචං උදේ වෙනකම් අපි දන්නේ නෑ නේ වෙන මොකක් හරි කේස් එකක් ද කියල“

උදේ ඈ මට දුරබැනීය.

“ඔව් අනේ මං අකවුන්ට් එක ඩී ඇක්ටිවේට් කලා .මට කොල්ලෝ වගයක් කරදර කරනව“

“කවුද ඕකුන්?“ මා කෝපයෙන් ඇගෙන් ඇසු නමුදු ඈ එයට පිළිතුරු නොදුන්නාය.ඈ මට එදින හවස අමතන බව පවසමින්  මට සමුදුන්නාය.ඊට පසුදින මට ආයතනික පුහුණවක් සඳහා ගෙන්දගම් පොලොවේ පය ගැසීමට සිදු වන නිසා මා කොළඹට ආසන්න මගේ මිතුරෙකුගේ නිවසට පැමිණියෙමි.ඒ වනවිට ඔහුත් මෙය දැනගෙන සිටියේය.

එදින රාත්‍රිෙය් ඈ මට දුරබැනීම ප්‍රතික්ශේප කලාය.ඈ මට කෙටි පණිවුඩයක් එවමින් කියා සිටියේ ඇගේ පරණ පෙම්වතා කතා කරන බැවින් එයින් ඈ මහත් වූ සිත්තැවුලකට පත්ව ඇති බවය.මේ වනවිට මගේ සියලු සැලසුම් බොඳ වී හමාරය.කෙටි පණිවුඩයිකින් ආදරය ප්‍රකාශ කරනවා විනා අන් කල හැකි දෙයක් නොමැති වූ නිසා මා ඒ විකල්පයට ගියෙමි.

ඈ පසුදින මට කෙටිපණිවුඩයක් එවමින් ඈ අමතක කරන ලෙස පැවසීම මගේ කෝපය දෙගුණ තෙගුණ වන්නට විය.

“මචං ලෝකේ ඕන තරම් අෆයාර්ස් තියෙනව ඔහොම මං අඳුරන කොල්ලෙකුත් එහෙම තමයි ඉන්නේ උන් කවදාවත් එහෙම අහල ත් නෑ ඒ උනාට උන් යස අගේට ඉන්නවා“

එක් මිතුරෙක් තරහින් කියාගෙන යයි.

“මචං මං එක දවසක් හරි ආදරය කරපු කෙල්ලෙක් මේ ,මට බෑ ගිහින් බනින්න ඒක එයාගේ කැමැත්ත නං මං මේක නවත්තනව“ මා කීවෙමි.

නමුත් මෙයට මගේ අනෙක් මිතුරා අකමැති විය.

“මචං මං උඹත් එක්ක එන්නම් මේ වැඩේ ඉවර කරන්න අපි දෙන්න යමු  එයා හම්බවෙන්න“

ඈ ඊට පසුදින මට කතා කලාය.සුපුරුදු හිතවත් ගතිය ඇගේ කටහඩින් අතුරුදන්ව ගොස් තිබිණ.ඈ බොහෝ දෑ මාත් සමග කීවාය.එයින් මට ගම්‍ය වූයේ ඇගේ පරණ පෙම්වතා සමඟ ඇගේ හාදකම තවමත් පවතින බවය.මා ඒ දින කිහිපයට විඳි  වේදනාව දෙවැනි වන්නේ මගේ මවගේ වියෝ වීමට පමණි.

මට මෙය අවසන් කිරීමට අවැසි විය.ඒ සදහා මට මගේ මනසත් හදවතත් එකඟ කරවා ගැනීමට අවශ්‍ය විය.ඒ සදහා මගේ මවගේ වාර්ශික දානය යෙදෙන දින මේ වෙනුවෙන් වැය කරන අවසන් දිනය බවට මා තීරණය කලෙමි.

මා ඈට ඒ දිනයට පෙර මේ සම්බන්ධව කතා කල හැකි දෙයක් තිබේ නම් කතා කරන ලෙස දැනුම් දුන්නෙමි.ඉන් පසු ඒ පිළිබඳ කතා නොකරන බවටත් නැවත කතා කරන්නේ නම් ඒ කතා කරන්නේ යහලුවෙක් ලෙසම පමණක් බව ඈට පොරොන්දු විය.(මා කිසි කලක පොරොන්දු කඩ නොකරන බව මගේ සමීපතම මිතුරනුත් ඈත් හොදින්ම දනී.)

නමුත් ඈ එයට දුන් ප්‍රතිචාර නොදුන්නාය.මට මගේ උපකල්පනය මත එල්බගෙන ඈට පෙම්වතියගේ භූමිකාව අහිමි කරන්නට මට සිදුවිය.මෙයින් මා අප්‍රමාණ වූ අත්දැකීම් ප්‍රමාණයක් ජීවිතයට එකතු කර ගතිමි.එය මට කවදා හෝ ඉදිරියේදී උපකාරී වේ යැයි මට සිතෙන්නෙමි.එයින් පසු ඈට මා ලියුමක් ලිව්වෙමි.ඒ වනවිට ඈ ඇගේ වත්පොත නැවත සක්‍රීය කොට තිබුණි.කුමන හෝ හේතුවක් නිසා ඈ එහි තිබූ වදනක් වැරදියට වටහා ගෙන මා ඇගේ මිතුරු ලැයිස්තුවෙන් ඉවත් කොට තිබුණි.එයින් මෙය අවසන් විය.“සුදු කලු සහ අළු “ වල මා ලියන ලද දිගම සටහන් මාලාවද විය.෴

පසුවදන

මෙහි තුන්වැනි කොටස පලවී දින කිහිපයකට පසු ඇගෙන් නැවත මට ඇමතුමක් ආවේය.(හරියටම එය අප කතාබහින් ඉවත් වී මාසයක් ගෙවී ගිය තැනය..).මා මෙහි තබන සටහන් සියල්ල මගේ වත්පොත් බිත්තියට මුසු කලෙමි.එපමණක් නොව මගේ මිතුරන් නොවන අයෙකුට වුවද එහි ඇති දේ නැරඹීමට හැකි සේ කටයුතු සකස් කලෙමි.ඒ ඈ කවදා හෝ මෙය දකීවි/බලාවි යැයි මට සිතුනු නිසාය.

මා සිතූපරිදිම ඈ මෙය කියවා තිබුණි.

“මං මේ වෙච්ච සිද්ධිය මගේ හොදම යාලුවෙක් එක්ක කිව්වා.එයා ඔයාගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්න එක්කෙනෙක් එයා කිව්වා ඔයාගේ වෝල් එක බලන්න කියල ,අර සුදු කලු කියල එකක් ලියන්නේ ඒකේ ඔයා ලියන්නේ මං ගැන නේද?“

“ඔව් “ මා කීවෙමි.

“ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකෙන් අයින් කලාට ඔයා තරහද දන්නේ නෑ“
“පිස්සුද මං මොකටද තරහවෙන්නේ“

“මට යාලුවා කිවවේ ඔයා ඒ සිද්ධිය නිසා මගෙන් පළිගන්න මේක ලියනව කියල“

ඈ වෙනදාට වඩා අමුතු ලෙස මා සමග කතා කලාය.ඈ මට ඇමතුයේ මගේ මුල් නම් දෙකම කියමින්ය .මේ ඈ කතා කරන්නේ ඇගේ මිතුරියගේ මෑනීමකට(Manipulation) හසුවීමෙන් බව මට වැටහී ගියේය.(එලෙස මට අමතන්නේ මා දන්නා ඒත් මා හරියටම නොදන්න අයවලුන් බව මා දනිමි)

“මං කවුද කියල දන්නවනේ “ මා ඇගෙන් ඇසූයෙමි.
“ මං අද වෙනකම් ඔයාට වචනයකින් වත් කරදර කරේ නෑ ඒක මතක තියා ගන්න“

“ඔව් ඒක මං දන්නවා “

“මං ඔයාට ඒ යාලුවගේ නම කියන්නේ නෑ“ දැන් ඈ මා හා සුපුරුදු විලාසයෙන් කතා කරයි.

මට ඇගේ මිතුරියගේ නම අවශ්‍ය නොවූවත් මා ඇගේ මිතුරිය කවුද යන්න දන්නා බව ඈට මතක් කරන්නෙමි.මට ඇගෙන් පළිගැනීමට නම් මේ ආකාරයට සටහන් තැබීමේ කිසිදු වුවමනාවක් නොමැති බව මෙන්ම එසේ කිරීමට අවශ්‍ය වූවා නම් ඇගේ සයිබර් අනන්‍යතාවය මුලුමනින්ම කණපිට ගැසීමේ හැකියාවෙන් මෙන්ම දැනුමින්ද මා එකලද  සන්නද්ධ වී සිටි බව ඇගේ මිතුරියට නැවත නැවත වාරයක් මතක් කරන්නෙමි.

අදටද ඈට මා ආදරය කරන්නෙමි(ප්‍රේමය නොවේ)අදටද මගේ උරහිස ඈට හිමිය.ඒ හිමිවන්නේ ඈට මා පෙම් කල නිසා නොව ඈට මගේ යෙහෙලියකටත් වඩා සහෝදරියකට මෙන් මා සලකන නිසාවෙනි

ප්‍රේමය පූජනීයය ,පාරිශුද්ධ යැයි හැදින්වීම විවාදාපන්නය.මන්ද බොරුවට ප්‍රේම කිරීම හුදු වදනක් ම පමනක් වන බැවිනි.බොරුවට ප්‍රේම කිරීමේදී එයින් ප්‍රේමය පෑළ දොරින් නික්මී ගොස් අවසන්ය෴.

6 comments:

පිණිබිඳු... said...

ඇගේ පාලුව මකා ගැනීමට ඔබව පාවිච්චි කලා වන්නට පුලුවන්. සංවේදී සටහනක් සහෝ.

Chathu said...

සමහරවිට ඈට වඩා හොඳ කෙනෙක් ඇති සහෝදරය....මටත් යාලුවො කිව්වෙ එහෙමයි....!!!

Lahiru said...

මටත් හිතුනා උඹ මොකක් හරි අවුලක කියලා, එත් හාර හාර අවුස්සන එක හොඳ නැති නිසා මම සද්ද නැතුව හිටියෙ. ඒත් අපි පස්සේ ඒ ගැන කතා කලානේ. ඊට පස්සේ මටත් ඒ ගැන upset ,මට උඹට දෙන්න තරම් option 1ක් තිබුනේ නැති නිසා... but i suppose you can fix this bugs as we did earlier..!

සුදු කලු සහ අළු said...

@පිණිබිඳු-නැහැ මං හිතන්නේ නෑ.ස්තූතියි කොමෙන්ටුවට.

@Chathu-ඒක නං එහෙම තමයි සහෝදරයා.ඔහොම දෙයක් උනාම යාළුවෝ කියන දෙයක් තමයි ඕක.කාලයා සියල්ල විසදාවි.

@Lahiru-මචං තිබුණු එකම විකල්පය තමයි මං ගත්තේ.ආයේ ඉතින් ඔහොම දෙයක් නං වෙන්න තියෙන ඉඩ කඩ සියයට දශම ගණනකටත් වඩා අඩුයි.There is no current bugs.I left them in last year.

Anonymous said...

saho jeewitha jeewath wena oba wage ninissu thamath innawa.. aththatama sathutui. adaraya kala hadawatha pamanai danna e hageema. mama wishwasa karanna , apata jeewitha adaraya kala hakka eka waraii.. e adaraya wenuwan api mari, mari jeewath wenawa...

Indika Perera said...

මම ඔය ව‍‍‍ගේ සංසිද්ධි 2කට මූණ දීලා ති‍‍යනව
අන්තිමට මට ‍තේරැම් ගිය හා මම පිළිපැදපු එක ‍‍‍දෙයක් ති‍‍යෙනව, අදටත් මට ඒක හරි කියල හි‍තෙනව, ඒ තමයි
මම ආදරය කරන ‍කෙ‍‍‍නෙක්ට වඩා මට වැඩි‍ ‍යෙන් ආදරය කරන ‍කෙ‍‍නෙක් ‍‍හොයා ගන්න එක. ම‍‍ගේ ජීවිතයට ඒක හරි ගියා. මම ඒක ගැන සතුටු ‍‍වෙනව අදටත්, ‍‍
‍කො‍‍හොමත් එකම ‍දේ 2පාරක් වුනාට පස්‍ ‍සෙ මට ‍‍වෙන විකල්පයක් තිබු‍ණ‍නෙ නෑ. අනික ම‍‍‍ගේ සිකුරා නීච ‍‍‍‍වෙලා ඉන්‍ ‍නෙ උපතින්ම, ඒ ගැනත් පස්‍ ‍සෙ කා‍ලෙක ‍ ‍‍‍පොඩ්ඩක් දැනුවත් වුනා. ලස්සනම වැ‍ඩේ අපි හදවත ගැන හිතන‍කොටෙ ඒක අපිට වද ‍‍දෙනව, අමතක කරල දැම්මම අපි දියුණු ‍වෙනව.

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
 

සුදු,කලු සහ අළු © 2010.