Friday, December 10, 2010

අහන් ඉන්න….අහගෙන ඉන්න…

පෙර දින රාත්‍රියේ මුහුණුපොත පිරික්සන විට මාගේ මිතුරියක් එක් කොට තිබූ යූ ටියුබ් වීඩියෝවක් මා හට මුණ ගැහුණි.නිකමට මෙන් මා එය විවර කොට බැලූවිට තිබුනේ අවතාර් චිත්‍රපටියේ කොටස් එකලස් කොට නිමවන ලද කෙටි දර්ශන පෙලකට පසුබිම් ගායනයක් යොදා ඇති වීඩියෝවකි.අතිශයින්ම සුන්දර තනුවකට සුන්දර වූ ගැහැණු කටහඩක් එයට එක් වී තිබුණි එම ගීයට.

අහන් ඉන්න….
අහගෙන ඉන්න….
මගෙ හිත මොනවද..
මුමුණනවා.

ලය පුරා නෙක නෙක පාටින්images
මුදු මල්පෙති ඇහැරෙනවා..
පොද වැස්සක සීතල ඇවිදින්
හිතට එබෙනවා
කෝඩුකාර මල් රේණු අගින්
මල් සුවද බෙදනවා
ඒ සුවදින් මගේ හුස්ම රටා මවනවා

සිලි සිලියේ හමන සුළග
කොදුරන්නේ අපටමයි..
සතුට මිසක දුක මොකටද..
සෙනෙහස මහ මෙරයි
අමාවකේ දුක දුරලන
දහසක් තරුකැට නුඹටයි
ඒ එළියෙන් දැල්වෙන ලෝකය
මගෙමයි මටමයි….

මුල් ගායනය:-ඉන්ද්‍රචාප ලියනගේ/පසු ගායනය :-මේකලා ගමගේ
සංගීතය:-රුවන් ශ්‍රී වල්පොල / පද රචනය:-සෝමලතා හේරත් මැණිකේ.

ඇත්තටම මේ ගීතය ලියල තියෙන්නේ දෘශ්‍යාබාධිත උදවිය වෙනුවෙන්.මොහොතකට මා මිනිත්තු 5කට මගේ ඇස් දෙක වහගෙන අන්ධ මිනිසෙකුට ලෝකය දැනෙන හැගෙන හැටි සෙවීමට අසාර්ථක උත්සාහයක් ගතිමි. මුලු ජීවිත කාලයටම අදුරු ලෝකයක තමන්ගේ හමට දැනෙන,කණට ඇහෙන,නහයට දැනෙන සංවේදනයන් වලින් ඔවුන් අමුතුම ආකාරයේ සිතුවමක් ලෝකය ගැන මවා ගන්නා හැටි මා අර්ධ වශයෙන් වුව සිතා ගත්තෙමි.

ලය පුරා නෙක නෙක පාටින්
මුදු මල්පෙති ඇහැරෙනවා..
පොද වැස්සක සීතල ඇවිදින්
හිතට එබෙනවා
කෝඩුකාර මල් රේණු අගින්
මල් සුවද බෙදනවා
ඒ සුවදින් මගේ හුස්ම රටා මවනවා

 

මේ ගීතයේ කියැවෙන්නේ ද එයයි.ඔවුන්ගේ සියලු සංවේදනයන් භාවිතා කරමින් ඔවුන් ලෝකය පිළිබද නිමවන සිතුවම අපූරු බව මට හැගුණි.

තහවුරු නොවූ තොරතුරකින් මා දැන ගත්තේ මෙහි පසු ගායනය කරන තරුණිය ද දෘශ්‍යාබාධිත අයෙකු බවයි.

වීඩියෝව සදහා

4 comments:

kasuni said...

ඇත්තටම සමහර දෙවල් දකින්න අපි පින් කරල කරල තියෙනව...තවත් සමහර වෙලාවට ඒ ඇස්ම පව් කරල තියෙනව අපි ආස නැති දේවල් දකින්න.......මොනව් උනත් ජිවිතකාලෙම ඇස් දෙක නැතුව ඉන්න එක හිතා ගන්නත් බැ

Madhawa Habarakada said...

විඩියෝ ලින්ක් එකත් දැම්ම නම් තවත් හොඳයි.

සුදු කලු said...

වීඩියෝ ලින්ක් එකක් දාලා තියෙන්නේ සහෝදරයා,post එකේ අන්තිමට "වීඩියෝව සදහා" කියල තියෙන්නේ ඒක තමයි

nawammawatha said...

ඔව් ඔව්, ලඟදි එලියට ආපු සින්දු වලින් හිතපතුලටම වැදුන නියම සින්දුවක්.

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
 

සුදු,කලු සහ අළු © 2010.